රසකාරක පැකට් නොදා කොත්තුමි මෙහෙම හැදුවොත් කන්නේ නැති අයත් ඉල්ල ඉල්ල කයි Let's make Kothumi like this

Published at : 17 Dec 2025

THIS IS MY 55TH VIDEO ,SO JUST PLANNED TO MAKE VIDEOS ON YOUTUBE. HOPE YOU GUYS WILL LIKE IT. VIDEO BY BEAUTY OF KESHI.
VIDEO EDITED BY BEAUTY OF KESHI.
DROP YOUR COMMENTS BELOW.HIT THE LIKE BUTTON.WELCOME TO MY YOUTUBE CHANNEL.MORE VIDEOS COMING SOON.STAY TUNED.SPREAD THE LOVE.
PLEASE SUBSCRIBE & SHARE.

කොත්තුමි නුඩ්ල්ස් වෙනස්ම විදිහකට හදන විදිහ අද මම කියලා දෙනවා.

කන්නේ නැති අයත් ඉල්ල ඉල්ල කයි කොත්තුමි නූඩ්ල්ස් මෙහෙම හදලා දුන්නොත්.

ඉතින් රසකාරක පැකට් නොදා වෙනස්ම ක්‍රමයකට තමයි අද මම හදන්නේ.

මම මෙහෙමයි හැදුවේ.

මුලින්ම මම පෑන් එකක් ලිපේ තියලා ඒකට තෙල් මේස හැන්දක් දාගන්නවා.

තෙල් රත්වුණාම චොප් කරපු සුදු ලුණු බික් පහක් දාගන්නවා.

මේක කරකර ගන්න එපා.

සුදව එනකම් බැදගන්න.

ඊට පස්සේ මේකට එකතු කරනවා අමුමිරිස් කරලක් සහා පොඩියට කපපු බී ළුණු ගෙඩි බාගයක්.

දැන් මේකත් හොදට බැදගන්න.

මේකත් කර කර ගන්න එපා.

මේ ගාන බැදුනම මම මේකට දාගන්නවා ගම්බිරිස් තේ හැදි බාගයක්. රස අනුව ලුණු, කැලි මිරිස් තේ හැදි බාගයක් සහා මිරිස් කුඩු තේ හැන්දක්.

දැන් මේක කලවම් කරන්න.

ඊට පස්සේ මේකට දාගන්නවා තක්කලි සෝස් මේස හැදි එකාමාරක්, සෝයා සෝස් තේ හදි එකාමාරක් සහා සීනී තේ හදි බාගයක්.

ආයෙත් මේක හොදට කලවම් කරන්න.

ඊට පස්සේ නුඩ්ල්ස් තැම්බෙන්න ඕනා ප්‍රමාණයට වතුර එකතු කරනවා.

මම කෝප්පයක් දාගත්තා.

දැන් මේක හොදට කොදිච්චි කරගන්න.

මේ වගේ හොදට කොදිච්චි වෙද්දි අපි මේකට දාගන්නවා කොත්තුමි පැකට් එක.

දාලා හොදට මේක තම්බගන්න ඕනේ.

ඔන්න ඒ විදිහට මම වතුර හිදෙනකන් නුඩ්ල්ස් ටික තම්බගත්තා.

දැන් මගේ නුඩ්ල්ස් ටික හරි.

මම මේක ලිපෙන් අයින් කරගන්නවා.

ඔන්න අපි කොත්තුමි එක හදලා ඉවරයි.

මස්, මාළු බිත්තර මොකුත්ම ඕනා නෑ.

මේ විදිහට හදලා දෙන්න. කන්නෙ නැති අයත් කනවා මේ විදිහට හදුවම.

මාරම රසයි මේකනම්.

එහෙනම් ඔයාලත් හදලා බලන්න.

මම ගිහින් එන්නම්.

Thanks For Watching Like , Share & Comment if you like this video Don't Forget to Subscribe Us

#kottumi #cooking #sinhalacooking #trendingrecipe